Friday, September 20, 2024

General line - 0115112241

SAITM විසඳුමටත් කොක්කක්




මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රාජ්‍ය සහ පෞද්ගලික අනුබද්ධිත ආයතනයක් ලෙස පවත්වාගෙන යාමට පළවී ඇති එකඟතාව සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විවිධ මත පළ කරනවා.

මෙම එකඟතාවට පැමිණ තිබුණේ රජයේ විශ්ව විද්‍යාල 6ක වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන්, උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සහ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වාගේ ප‍්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදීයි.

එහිදී වෛද්‍ය පීඨාධිපතිවරුන් එකඟතාව පළ කර ඇත්තේ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රජය සමග සම්බන්ධව කටයුතු කළ යුතු බවටයි.

මේ සම්බන්ධයෙන් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර පැවසූවේ “මේ විසඳුම අපිට බාරගන්න බැහැ. මේක අහෝසි කරල සිසුන්ට වන්දි ගෙවිය යුතුයි. රජයට ගන්නවනම් සිසුන්ට කඩඉම් විභාගයක් තැබිය යුතු. ඉදිරියට සිසුන් බඳවාගතයුත්තේ අනෙකුත් වෛද්‍යපීඨවලට බඳවගන්න ක්‍රමයට විතරයි.“ යනුවෙනි.

එහෙත් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ දෙමාපිය සංසදයේ කැඳවුම්කරු ගැමුණු විජේරත්න පැවසුවේ මෙය සාධනීය තීන්දුවක් බවයි.