Friday, September 20, 2024

General line - 0115112241

කොළඹ සහ අවට සතිඅග ජල කප්පාදුවක්!




කොළඹ ප‍්‍රදේශ කිහිපයකට හෙට (23) මධ්‍යහ්න 12 සිට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

කෝට්ටේ මහ නගර සභා බලප‍්‍රදේශය, බත්තරමුල්ල, කොස්වත්ත, කලපළුවාව, තලවතුගොඩ සහ ජයවඩනගම එම ප‍්‍රදේශ අතරට අයත්. මීට අමතරව මාලඹේ, හෝකන්දර, මහරගම සහ බොරලැස්ගමුව නගර සභා බලප‍්‍රදේශවලට හා කොළඹ 05 ප‍්‍රදේශයටද ජල සැපයුම අත්හිටුවනවා.

කොළඹ 06 සහ කොළඹ 08 යන ප‍්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජල සැපයෙනු ඇති.