Friday, September 20, 2024

General line - 0115112241

අතුරුදන් ඉන්දීය ගුවන් යානය සොයා මෙහෙයුම් (UPDATE)




 

අතුරුදන් වූ ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානය සෙවීම සදහා තවදුරටත් මෙහෙයුම් කි‍්‍රයාත්මකයි.

අදාළ යානය අද (22) පෙරවරුවේ අතුරුදන් වූයේ මගීන් 29 දෙනෙකු රැගෙන චෙන්නායි සිට අන්දමන් දූපත බලා පියාසර කරමින් සිටියදීයි.

බෙංගාල බොක්ක ආසන්නයේදී යානය අතුරුදන් වී තිබෙනවා.

………………………………………………………………….

මගීන් 29ක් සමග ගුවන්යානයක් අතුරුදන් වෙයි

Jul 22, 2016 @ 14:42

 

ඉන්දීය හමුදාවට අයත් ගුවන්යානයක් අද (22) පෙරවරුවේ අතුරුදන් වී තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ පුද්ගලයන් 29 දෙනෙකු සමග බෙංගාල බොක්ක ආසන්නයේදී මෙය අතුරුදන්ව ඇති බවයි.

AN-32 නැමැති මෙම යානය අද පෙරවරු 8.30 ට පමණ චෙන්නායි නුවරින් පිටත්වී ඇති අතර දහවල් 11.30 ට පමණ අන්දමන් දුපත් වෙත ගොඩබැස්සවීමට නියමිතව තිබුණා.

 

02 iaf-an-32-file_650x400_61469174587