Friday, May 3, 2024

General line - 0115112241

රවී ලෑස්ති වී කරන්න ගිය විශේෂ ප්‍රකාශයට වෙච්ච දේ (UPDATE)

හේමන්ත කහවලගේ/සමන්ත කුමාර




බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රි රවී කරුණානායක කළ ඉල්ලීම කතානායකවරයා විසින් අද (24) ප්‍රතික්ෂේප කර තිබෙනවා.

-------------------------------

රවීගෙන් විශේෂ ප්‍රකාශයක්?

(24-01-2018 05:35)

 

ප‍්‍රශ්නගත බැදුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පාර්ලිමේන්තුව හමුවේ අද (24) විශේෂ ප‍්‍රකාශයක් කරනු ඇතැයි දේශපාලන ආරංචි පවසනවා. එහෙත් එවැනි විශේෂ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් තමන් වෙත මේ දක්වා දැනුම් දී නොමැති බවයි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ප‍්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත ඊයේ රාති‍්‍ර කියාසිටියේ. 

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට පාර්ලිමේන්තුව අමතා විශේෂ ප‍්‍රකාශයක් කිරීමට පාර්ලිමේන්තු සම්ප‍්‍රදායන් යටතේ ඉඩකඩක් නොමැති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුල ගුණවර්ධන පවසනවා. ඔහුට එවැනි අවස්ථාවක් ලබාදෙන්නේ නම් කතානායකවරයා ඊට හේතු දැක්විය යුතු බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.