Thursday, December 26, 2024

General line - 0115112241

පේරාදෙණිය සරසවියේ සිසුන් 17කට පන්ති තහනමක්




වහාම ක්‍රියාත්මක වන පරිදි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් 17 දෙනෙකුගේ පන්ති තහනම් කිරීමට විශ්ව විද්‍යාලීය පාලක සභාව පියවර ගෙන තිබෙනවා.

විද්‍යා , ඉංජිනේරු සහ කළමාණාකරණ පීඨයන්වළ සිසුන් 17 දෙනෙකුගේ පන්ති මෙසේ තහනම් කර තිබෙන අතර එම පන්ති තහනම එල්ල වූ චෝදනා අනුව සති දෙකේ සිට සති පහ දක්වා බලපැවැත්වෙන පරිදි ලබා දී තිබෙනවා.

විශ්ව විද්‍යාලය තුළ සිදුවූ පහරදීමේ සිද්ධියක් මුල්කර ගනිමින් මෙම පංති තහනම පනවා තිබෙනවා. පහර කෑමෙන් තුවාල ලැබූ සිසුන් 5 දෙනෙකු මහනුවර මහරෝහලේ ප‍්‍රතිකාර ලබනවා.