Friday, May 3, 2024

General line - 0115112241

ගුරු- සිසු සියල්ල ලෙඩ වෙයි - හේතුව තාමත් හොයාගන්න බැරි වෙයි

රොෂාන් තුෂාර




පොලොන්නරුව පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යා පිඨය හෙට (25) සිට ලබන 31 වැනිදා දක්වා සතියක කාලයක් වසා තැබීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.

එහි පීඨාධිපති කේ. ගුණපාල පවසන්නේ සිසු සිසුවියන් සහ ගුරුවරුන් හට වැළඳ ඇති උණ සහ පාචන රෝගී තත්ත්වයක් හේතුවෙන් මෙලෙස පුලතිසිපුර ජාතික අධ්‍යාපන පීඨය වසා තැබෙන බවයි.  

මේ වනවිට එම පීඨයේ ගුරුවරුන් සහ සිසු සිසුවියන් 200 ක් පමණ රෝගී තත්ත්වයට ගොදුරු වී ඇති බවයි පීඨාධිපතිවරයා පවසන්නේ.

රෝගයට ගොදුරු වූ ශිෂ්‍යාවක් ප‍්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. තවත් පිරිසක් පොළොන්නරුව මහ රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප‍්‍රතිකාර ලබා ගෙන ඇති අතර පිරිසකට වෛද්‍යවරුන් විද්‍යාපීඨයට කැඳවා ප‍්‍රතිකාර ලබා දුන් බවයි වාර්තා වුණේ.

රෝගී තත්ත්වයට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.