බැඳුම්කර සහ බරපතල වංචා විමර්ෂණ වාර්තා පිළිබඳ පාර්ලිමේන්තු විවාදය එළඹෙන මස 20 සහ 21 යන දිනයන් හී පැවැත්වීමට පක්ෂ නායකයින් තීරණය කර තිබෙනවා.
මේ අතර බැඳුම්කර සහ බරපතල වංචා විමර්ෂණ වාර්තා පිළිබඳව සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් ලබන සතියේ කැඳවීමටද තීරණය වී තිබෙනවා.
මේ අතර පාර්ලිමේන්තු නව ආචාර ධර්ම පද්ධතිය ස්ථාවර නියෝගවලට ඇතුළත් කිරීම සඳහා වූ විවාදය ලබන 19 වැනිදා සිදු කිරීමටද නියමිතයි.