Monday, January 13, 2025

General line - 0115112241

අන්තරේ සිසුන්ට හෙට කොළඹට ඇතුල් වෙන්න බෑ




හෙට (25) දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙන සයිටම් විරෝධී පෙළපාලි වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ කොළඹ කොටුව සහ ගංගොඩවිල මහේස්ත‍්‍රාත් අධිකරණ මගින්.

පොලීසිය විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම වාරණ නියෝගය නිකුත් කර තිබෙනවා.

සයිටම් විරෝධී පෙළපාලිය අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධාන කර ඇති අතර විරෝධතාකරුවන් කොළඹට ඇතුළුවීම වළක්වාලමින් මෙම නියෝගය නිකුත් කෙරුණා.