ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග්රසයේ ජාතික සංවිධායක රෆීක් රාජාබ්දීන් එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ඔහු සිදු කළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් පිළිබඳව පක්ෂ නායක රාවුෆ් හකීම් කළ කරුණු විමසීමකින් පසු රාජාබ්දීන් මෙලෙස එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි වාර්තා වන්නේ.
රෆීක් රාජාබ්දීන් ලබාදුන් ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන්ව ඇත්තේ පෞද්ගලික හේතුවක් මත ඔහු ඉල්ලා අස් වූ බවටයි.
කෙසේ වෙතත් පක්ෂ අභ්‍යන්තර අර්බුදයක් මෙම ඉල්ලා අස්වීමට හේතුවී ඇති බවයි ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ ප‍්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත කියා සිටියේ.