පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා අවශ්‍ය විදුලිය සූර්ය බලශක්තියෙන් ලබා ගැනීම වෙනුවෙන් කටයුතු කිරීමට සැලසුම් කර තිබෙනවා.
එ් සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 375ක්. මෙම කටයුතු සිදු කෙරෙන්නේ පුනර්ජනනීය හා බලශක්ති අමාත්‍යංශයට අයත් සුනිත්‍ය බලශක්ති අධිකාරිය මගින්.
සූර්ය පැනල දියවන්නා ඔයේ පාවෙන ආකාරයට සවි කිරීමටයි සැලසුම් කර ඇත්තේ. අක්කර 3ක ප‍්‍රමාණයක පරිසර හිතකාමී අයුරින් මෙම සූර්යකෝෂ සවි කිරීමට නියමිතයි.
මෙම සූර්ය පැනල සවි කිරීමෙන් පාර්ලිමේන්තුවේ විදුලිබලය සියය 80ක් අඩු කිරීමට හැකිවනු ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.
පාර්ලිමේන්තුවේ මසක විදුලි බිල මිලියන හයහමාරක් වනවා. එ් දින අටක් පාර්ලිමේන්තු කටයුතු පැවතුණහොත් පමණයි. කෙසේ වෙතත් අයවැය විවාද පැවැත්වෙන කාලසීමාවලදී මාසික වියදම මිලියන 8ක් පමණ වනවා.