කොකේන් බවට සැක කෙරෙන මත් ද්‍රව්‍ය අඩංගු කරල් ගිල මෙරටට පැමිණි බ්‍රසීල ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ගුවන් තොටුපළ රේගු මත්ද්‍රව්‍ය නාශක අංශ නිලධාරීන් විසින්. සැකකාර බ්‍රසීල ජාතිකයා මීගමුව රෝහලට ඇතුළත් කර විරේක ගැන්වීමෙන් පසු ඔහු විසින් ගිල දමා තිබූ මත්ද්‍රව්‍ය අඩංගු කරල් 45ක් පිටතට ගෙන ඇති බව සඳහන්.
ඒවා, උපත් පාලන කොපු තුල බහා ගිල දමා ඇති බවයි රේගු මාධ්‍ය අංශය පැවසුවේ. සැකකරුගේ උදරය තුළ තවත් මත්ද්‍රව්‍ය අඩංගු කරල් ඇති බව එක්ස් කිරණ පරික්ෂාවකදී අනාවරණ වී තිබෙනවා.
කෙසේ වෙතත් රෝහල් ආරංචි මාර්ග පවසන්නේ අදාල විදේශ ජාතිකයා මේවන විට ආහාර වර්ජනය කරමින් සිටින බවයි.