Sunday, September 8, 2024

General line - 0115112241

19 න් අගමැතිවරයා ඉවත් කළ හැකි වගන්ති මෙන්න

සමන්ත කුමාර




රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත් නොවීම හේතුවෙන් පාර්ලිමේන්තුව තුළ ද අර්බුධයක් නිර්මාණය වන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල ඒ පිළිබඳ කරුණු දක්වමින් කියා සිටියේ එම අර්බූදය විසඳීමේ වගකීම ජනාධිපතිවරයා සහ රජය වෙත පැවරෙන් බවයි.

දැනට පවතින 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අනුව ක්‍රියා කරන්නේ නම් අග්‍රාමාත්‍යවරයාට එම ධුරය අහෝසි වන බවද මන්ත්‍රීවරයා කියා සිටියා.

ඊට අදාළව 48 හා 49  සහ 29 "" වගන්ති යටතේ ක්‍රියාත්මක වන්නේ නම් පක්ෂ 2ක් එක්ව පිහිටුවා ඇති ආණ්ඩුවක් එහිදී කැබිනට් මණ්ඩලය 30 සිට 15 දක්වා යා හැකි බවත් පක්ෂ දෙක අතර වූ ගිවිසුම අහෝසි වූ කල අදාළ කැබිනට් මණ්ඩලය ද අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ විසිර යන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැහැදිළි කළේ.