Sunday, December 29, 2024

General line - 0115112241

කබීර් - මලික් - බදියුර්දීන් සහ ෆොන්සේකා ගේ අමාත්‍යාංශවල වෙනසක් ගැන කතාබහ

හේමන්ත කහවලගේ




අමාත්‍ය රිෂාඞ් බදියුදීන් දරන කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යංශය යටතේ ඇති ආයතන කිහිපයක් කෙරෙහි ද නව කැබිනට් සංශෝධනයේදී අවධානය යොමු වි තිබෙන බවයි දේශපාලන ආරංචි පවසන්නේ. 

කබීර් හෂීම් අමාත්‍යධුරය දරන රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ සහ මලික් සමරවික‍්‍රම අමාත්‍යධුරය දරන සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යංශවලද වෙනසක් සිදු වනු ඇති බවට ද වාර්තා පළ වනවා. 

නීතිය හා සාමය අමාත්‍යධුරය ෆීල්ඞ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකාට ලබා දීමේ සූදානමක් පවතින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

සරත් ෆොන්සේකා අමාත්‍යවරයා මේ දිනවල විදේශගතව සිටින අතර ඔහු දැනට අමාත්‍ය ධුරය දරන ප‍්‍රාදේශිය සංවර්ධන අමාත්‍යංශයේ වැඩ බලන්නේ අමාත්‍ය ගයන්ත කරුණාතිලකයි.