ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අද (22) පාර්ලිමේන්තුව වෙත පැමිණ සිටිනවා.
ජනාධිපතිවරයා මේ වන විට පාර්ලිමේන්තු සභාවේ අසුන්ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
අදට නියමිත ශෝක ප්රකාශ යෝජනා යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී දිවංගත මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙහිදී අදහස් පළ කළා.
මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම්වරයෙකු ද වනවා.