පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් තේරීපත් වූ සියලු සභිකයින්ගේ නම් සතියක් ඇතුළත ගැසට් කිරීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසම පවසනවා. එහි සභාපති මහින්ද දේශපි‍්‍රය සදහන් කළේ කොමිසම විසින් යවන ලද සමානුපාතික මන්තී‍්‍ර ධුර සංඛ්‍යාවට අදාළ සුදුසු පුද්ගලයින් කඩිනමින් නම්කර එවීම දේශපාලන පක්ෂවල යුතුකමක් බවයි.
පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසුවේ පළාත් සභා ඡන්ද විමසීමේ පනතද සංශෛා්ධනය වී ඇති බවය. ඒ අනුව කේවල හා සමානුපාතික ලෙස මිශ්‍ර ක්‍රමයට මන්ත්‍රීවරුන් තෝරාගන්නා අතර කොට්ඨාශ මට්ටමින් සහ ලයිස්තුවෙන් සියයට පනහ බැගින් තෝරා ගන්නා බව පවැසුවා.
සීමා නිර්ණය කොමිසම ලබා දී ඇති වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර එය තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත වූ විට මැතිවරණය පැවැත්විය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ. මේ වනවිට පළාත් සභා කිහිපයක් විසුරවා ඇති අතර පළාත් සභා කිහිපයක කාලය අවසන්ව නැත. කෙසේ වෙතත් මැතිවරණ කොමිසමේ මතය වන්නේ ඡන්ද ප්‍රමාධ වීම ජනතාවගේ පරමාධිපත්‍ය අයිතියට සිදුවන හානියක් ලෙස බවයි ඔහු පැවසුවේ.
සියයට 25 ක කාන්තා නියෝජනය සම්පූර්ණ කළහොත් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව කාන්තා සභිකයින් 535 ක් තේරීපත් විය යුතු බවයි මැතිවරණ කොමිසම පැවසුවේ.