Wednesday, January 1, 2025

General line - 0115112241

ෆවුසිගේ ලෑන්ඩ් කෲසර් නඩුවට දින දෙයි




රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි පසුගිය රජය සමයේදී ජේයෂ්ඨ අමාත්‍යවරයකු ලෙසට කටයුතු කරමින් සිටියදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලබා දුන් ජීප් රථය සිය පරිහරණයට යොදා ගැනීමෙන් දූෂණය නැමැති වරද කර ඇති බවට වන නඩුව ජූනි   මස  25දා  විභාගයට ගැනීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය අද (23) නියෝග කළා.

මහෙස්ත‍්‍රාත්වරයා අද දින නිවාඩු බැවින් නඩු විභාගය මීලඟ දිනට කල් තැබීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් රංග දිසානායක තීරණය කළා. නඩුවේ පළමු සහ දෙවන සාක්ෂිකරුවන් අද දින අධිකරණයේ පෙනී සිටි අතර ඔවුන්ට මීළඟ දින අධිකරණයේ පෙනී සිටීමට අවවාද කළා. චෝදනා හතරකින් යුත් චෝදනා පත‍්‍රයට  ෆවුසි මහතා විසින් ඉදිරිපත් කළ මූලික විරොධතා ප‍්‍රතික්ෂේප කිරීමට මීට පෙර  අධිකරණය නියෝග කළේ.

වර්ෂ 2010 සිට 2015 දක්වා කාලය තුළ ලෑන්ඞ් කෲසර් ජීප් රථයපරිහරණය කිරීමෙන් අනතුරුව ඒ සදහා වන නඩත්තු මුදල් වශයෙන් රුපියල් දස ලක්ෂ හැත්තෑ තුන් දහසක මුදලක් වැය කිරීමෙන් දූෂණය නැමැති වරද කර ඇති බවට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව චෝදනා කර සිටිනවා.