Wednesday, January 1, 2025

General line - 0115112241

කැබිනට් සංශෝධනය ඉරිදා - නීතිය හා සාමය සහ සෞඛ්‍ය අමාත්‍යාංශ ගැන රාජිත කිව්ව කතාව

ඉෂාර සුපෙම් මානගේ




සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න නව අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදු කරන දිනය පිළිබඳව අද (23) අනාවරණයක් සිදු කළා.

ඒ අනුව අමාත්‍ය මණ්ඩල සංශෝධනය ලබන ඉරිදා (25) දින සිදුවනු ඇති බවටයි සඳහන් කෙරුණේ. 

ඒ කළුතර මහ රෝහලේ සංවර්ධන ව්‍යාපෘති රැසක් විවෘත කිරිමට සහ මුල්ගල් තැබීමේ අවස්ථාවකට එක්වෙමින්.

සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණ කළේ මාධ්‍යවේදීන් මෙහිදී නැගූ ප්‍රශ්ණවලට පිළිතුරු සපයමින්.

මෙහිදී නීතිය හා සාමය අමාත්‍ය ධූරය ඔබට හිමි වන්නේ දැයි මාධ්‍යවේදීන් විමසූ විට අමාත්‍යවරයා පැවැසුවේ “තිබෙන සාමය හොදයි” යනුවෙනි.

සෞඛ්‍ය අමාත්‍ය ධුරය වෙනස් වන්නේ දැයි මාධ්‍යවේදීන් විමසා සිටි අතර, එය ජනාධිපතිවරයාගේ තීරණයක් බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

තවද පාතාල කල්ලි යළි හිස එසවීම පිළිබඳව අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා පැවැසුවේ ඉදිරියේ එය මැඩපැවැත්වීමට කටයුතු කරන බවයි.