Wednesday, January 1, 2025

General line - 0115112241

කුවේටය දුන් පොදු සමා කාලය දිගු කරයි

හර්ෂිකා සංජීවනී




කුවේටයේ නීති විරෝධීව රැඳී සිටින්නන්ට එරටින් පිටවීමට ලබාදී තිබූ පොදු සමා කාලය අපේ‍්‍රල් මස 22 වැනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

මීට පෙර මෙම පොදු සමා කාලය ප‍්‍රකාශයට පත්කර තිබුණේ ඉකුත් ජනවාරී මස 29වැනිදා සිට ඊයේ (22) දිනය දක්වායි.

එම කාලය තුළ කුවේට් රාජ්‍යයෙන් පිටවීම සඳහා ශ‍්‍රී ලාංකිකයින් 4000කට අධික සංඛ්‍යාවක් එරට තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය ප‍්‍රකාශ කළා.

වීසා නොමැතිව කුවේට්හි වෙසෙන විදේශිකයින්ට දඩ මුදල් ගෙවීමකින් තොරව හෝ විශේෂ අවසරයකින් තොරව එරටින් පිටවීමට මෙම පොදු සමා කාලය යොදාගත හැකි බවයි එම කාර්යංශය වැඩිදුරටත් කියා සිටියේ.