Monday, December 23, 2024

General line - 0115112241

මහනුවර සිද්ධියෙන් පසු පළා ගිය පිරිසක් ගැන පොලිසිය සොයයි

හේමන්ත කහවලගේ




මහනුවර දිගන කෙංගල්ල ප‍්‍රදේශයේ ඉකුත් දා ඇතිවූ සිද්ධීන්වලට සම්බන්ධ සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රදේශයේ ගොඩනැගිලිවල ස්ථාපිත කර ඇති සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි.

මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් පිරිසක් හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන කි‍්‍රයාත්මකයි.

එම සැකකරුවන් ඔවුන් රැඳී සිටින ප‍්‍රදේශවලින් පළා ගොස් තිබෙනවා. දිගන ප‍්‍රදේශයේ ඇතිවූ මෙම සිද්ධියේදී ව්‍යාපාරික ස්ථානයක් තුළ මුස්ලිම් තරුණයෙකු ජීවිතක්ෂයට පත්වුණා.