ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියට පනවා ඇති වාරණය ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා ෆේස්බුක් සමාගමේ නියෝජිතයින් කිහිපදෙනෙකු අද (15) දිවයිනට පැමිනෙනවා.
ෆේස්බුක් සමාගමේ ඉන්දියාවේ දෙවන ප‍්‍රධානියා වන ශිව්නාත් තුප්රාල් ඇතුළු නියේාජිත පිරිසක් එලෙස රජයේ නියෝජිතයන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.
මේ පිළිබඳ විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ අදාළ නියෝජිතයන් අග‍්‍රාමාත්‍යවරයා, ජනාධිපති ලේකම්වරයා ඇතුළු පාර්ශ්ව කිහිපයක් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි.
වෛරී ප‍්‍රකාශ පැතිරයාම පාලනය කිරීම, හදිසි අවස්ථාවන්හිදී කඩිනමින් ප‍්‍රතිචාර දැක්වීමේ කි‍්‍රයාවලියක් හඳුන්වාදීම ඇතුළු කරුණූ ගණනාවක් කෙරෙහි මෙම සාකච්ඡාවලදී අවධානය යොමු කෙරෙන බවද හරීන් ප‍්‍රනාන්දු අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත කියා සිටියා.
එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ "මේ ෆේස්බුක් එකෙන් වර්ගවාදය සහ ජාතිවාදය අවුස්සන තැනකට ආපුවාම ගත හැකි පියවර ගැනයි අපි සාකච්ඡා කරන්නේ. අපිට පුළුවන් මාධ්‍ය ආයතනවලට වාරණයක් දෙන්න..මාධ්‍ය අමාත්‍යාංශයට පුළුවන් ඒක තහනම් කරන්න..නමුත් ෆේස්බුක් එකේ ලයිසන් කැන්සල් කරන්න අපිට බැහැනේ..මේ සම්බන්ධයෙන් තමයි අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ දක්වා ෆේස්බුක් ආයතනයෙන් පොලිසිය ඉල්ලලා තියෙන තොරතුරුවත් මාස 03ක් ගිහිල්ලත් දීලා නැහැ. සමහර සිද්ධි ළමයින්ගේ අසභ්‍ය දේවල් දාපුවා..ඉතින් මේවට මීට වඩා ඉක්මනට සැළකීම් අපි බලාපොරොත්තු වෙනවා."