Sunday, December 29, 2024

General line - 0115112241

මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් වැඩියෙන්ම අසමත්වූ විෂය

ඩිල්ෂාන් මඩවල




2017 සාමාන්‍ය පෙල විභාගයේදී සමත් ප‍්‍රතිශතය අඩුම විෂයක් බවට ඉංගී‍්‍රසි භාෂාව පත්ව තිබෙනවා. අයදුම්කරුවන් 296,156 දෙනෙකු නව නිර්දේශය යටතේ මෙම විභාගයට පෙනී සිටි බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ. ඔවුන්ගෙන් සමත්වූවන්ගේ ගණන 151,365ක් පමණයි. එහි ප‍්‍රතිශතය 51.1%. ඒ අනුව ආසන්න වශයෙන් විභාගයට පෙනී සිටි සෑම අයදුම්කරුවන් දෙදෙනෙකුගෙන්ම එක් අයෙකු ඉංගී‍්‍රසි භාෂාව අසමත් වී තිබෙනවා. 

පළමු බස ලෙස සිංහල භාෂාව හා සාහිත්‍ය හෝ දෙමළ භාෂාව හෝ සාහිත්‍ය විෂයන්ට පෙනී සිටි අයදුම්කරුවන්ගෙන් සෑම දස දෙනෙකුගෙන්ම එක් අයෙකු එම විෂයෙන් අසමත් වී තිබිමද කැපී පෙනෙන කරුණක්. මවුබස ලෙස සිංහල භාෂාව හා සාහිත්‍ය විෂයට පෙනී සිට ඇති අයදුම්කරුවන් සංඛ්‍යාව 229, 280ක්. අයදුම්කරුවන් 67, 571 දෙනෙකු මවුබස ලෙස දෙමළ භාෂාව හෝ සාහිත්‍ය විෂයට පෙනී සිට තිබෙනවා. 

කෙසේ වෙතත් දෙවන බස ලෙස සිංහල භාෂාවට පෙනී සිටි අයදුම්කරුවන්ගෙන් 95% කට ආසන්න ප‍්‍රමාණයක් එම විෂයෙන් සමත් වී තිබීම විශේෂත්වයක්. දෙවන බස ලෙස දෙමළ භාෂාවට පෙනී සිටි අයදුම්කරුවන්ගෙන් 98% කට වැඩි පිරිසක්ද එම විෂය සමත්වී තිබෙනවා. 

චීන සහ රුසියානු යන භාෂා සඳහා පෙනී සිටි සියලූ අයදුම්කරුවන් එම විෂයනගෙන් සමත් වී තිබීමද තවත් විශෙෂත්වයක්. පාලි විෂයෙන් සමත් වී ඇත්තේ ඊට පෙනී සිටි අයදුම්කරුවන්ගෙන් 55% කට ආසන්න පිරිසක් පමණයි. 

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේදී බුද්ධ ධර්මය විෂය සමත්වූවන්ගේ ප‍්‍රතිශතය 86.26% ක්. කි‍්‍රස්තියානි විෂයේ සමත් සංඛ්‍යාව ආසන්න වශයෙන් 92% ක්ද,  කතෝලික විෂයේ සමත් සංඛ්‍යාව ආසන්න වශයෙන් 95% ක්ද වනවා. ඉස්ලාම් විෂය සමත්වූවන්ගේ ප‍්‍රතිශතය 86.14% ක්.