Monday, December 23, 2024

General line - 0115112241

සිංගප්පුරු නිදහස් වෙළද ගිවිසුමට එරෙහිව නීතීඥ සංගමයෙන් පෙත්සමක්

අධිකරණ වාර්තාකරු




ආණ්ඩුව විසින් සිංගප්පූරුව සමඟ අත්සන් කර තිබෙන නිදහස් වෙළඳ ගිවිසුම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් පෙත්සම ඉදිරිපත් කර ඇති මෙම පෙත්සමෙ වග උත්තරකරුවන් ලෙසට අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් සහ නීතිපතිවරයා නම් කර ඇත.

පෙත්සම ගොනු කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වාදෙන්නේ ශ්‍රී ලංකා රජය සහ සිංගප්පූරුව අතර අත්සන් කළ නිදහස් වෙළඳ ගිවිසුම තුළින් සිංගප්පූරු ජාතික වෘත්තීයවේදින්ට නිදහසේ ශ්‍රී ලංකාව තුළට පැමිණ වෘත්තීය කටයුතු වල නිරත වීමට අවශ්‍ය අවකාශ සැලසෙන බවත් මෙම ගිවිසුමෙන් ශ්‍රී ලාංකික වෘත්තීයවේදීන්ට ලැබෙන වාසි ඉතාම අල්ප බව පවසයි.

මෙම ගිවිසුම ක්‍රියාත්මක වුවහොත් ශ්‍රී ලංකාවේ වෛද්‍ය, ඉංජිනේරු, නීති, මිනින්දෝරු ඇතුළු වෘත්තීය ක්ෂේත්‍ර ගණනාවක වෘත්තීයවේදීන්ගේ වෘත්තීය කටයුතුවලට දැඩි බාධාවක් සිදුවිය හැකි බව පෙත්සමෙන් පවසා සිටියි.