දකුණු පළාතේ අධ්‍යාපන කලාප 08 ක ප්‍රාථමික අංශ හෙට (24) අනිද්දා (25) සහ ලබන සඳුදා (28) යන තෙදින තුළත් වසා දැමීමට තීරණය කළ බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත්‍ර පවසනවා.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක් වු දකුණු පළාත් අමාත්‍යවරයා පැවසුවේ,
"ඒ අනුව 22 හා 23 දින වසා දැමුණු අධ්‍යාපන කලාප 06 ට අමතරව තවත් අධ්‍යාපන කලාප 02 ක පාසල් වසා දැමීමට තීරණය කළා. ගාල්ල, මාතර, මුලටියන, අකුරැස්ස, තංගල්ල , වලස්මුල්ල, උඩුගම, මොරවක යන අධ්‍යාපන කලාපවල පාසල්වල 1 වසර සිට 5 වසර දක්වා මෙසේ වසා දැමීමට තීරණය කලා. මෙම අධ්‍යාපන කලාපවල ගුරුවරුන් පාසල් පැමිණීමත් මේ කාලය තුල අවශ්‍ය වන්නේ නෑ. කෙසේ නමුත් එහි අවසන් තීරණය විදුහල්පතිවරුන්ට ගැනීමට අවස්ථාව ලබා දී තිබෙනවා. මේ කාලය තුල අහිමි වන අධ්‍යාපනය ලබා දීම වෙනුවෙන් ඉදිරියේදී අමතර පංති පැවැත්වීමට පසුව තීරණය කරනවා." යනුවෙනි.
එසේම ජුනි මස 04 වැනි දින දක්වා දකුණේ සියළු පෙර පාසල් ද වසා දැමීමට තීරණය කර තිබෙනවා. විශේෂයෙන්ම දකුණු පළාත් තුළ මේ වන විට ව්‍යාප්ත වී ඇති උණ තත්වය කුඩා දරුවන් කෙරෙහි වැඩි බලපෑමක් ඇති කරන නිසා දෙමාපියන්ගෙන් හා සෞඛ්‍ය අංශවලින් ලැබුණු ඉල්ලීම් සලකා බලා මෙම තීරණය ගත් බවයි දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත්‍ර සඳහන් කරන්නේ. ඉදිරියේ දී සෞඛ්‍ය අංශ ලබා දෙන නිර්දේශ අනුව අනෙකුත් කටයුතු සිදුකරන බව ද වැඩිදුරටත් පවසා සිටියා.