Tuesday, May 14, 2024

General line - 0115112241

වනජීවි පශූ වෛද්‍යවරු අවදානම් රාජකාරිවලින් ඉවත්වෙයි

කාන්චන කුමාර ආරියදාස/ රාහුල් සමන්ත හෙට්ටිආරච්චි




අවදානම් මෙහෙයුම්වලින් ඉවත් වීමට වනජීවි පශූ වෛද්‍ය නිලධාරීන් තීරණය කර තිබෙනවා. එ් වනජීවි පශූ වෛද්‍යවරියකගේ සහ වනජීවි දෙපාර්තමේන්තුවේ තවත් සේවකයින් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවීමට බලධාරීන් ගෙන ඇති තීරණයට විරෝධය පළ  කරමින්.

වලසෙකු විසින් මිනිසෙකුට ප‍්‍රහාරයක් එල්ල කරන අවස්ථාවේ මිනිසාගේ දිවි බේරා ගැනීම සඳහා වලසාට වෙඩි තැබූ බව පවසමින් මෙලෙස මොවුන්ගේ සේවය අත්හිටුවා තිබෙනවා. ඊට විරෝධය පළ කරමින් ඊයේ පස්වරුවේ සිට අවදානම් රාජකාරිවලින් ඉවත් වීමට තීරණය කළ බවයි වනජීවි පශූ වෛද්‍ය සංගමයේ ලේකම් වෛද්‍ය නාලක කසුන් අබේවර්ධන පැවසුවේ.