Sunday, May 12, 2024

General line - 0115112241

අමෙරිකාවේ හිටපු ශී‍්‍ර ලංකා තානාපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

අධිකරණ වාර්තාකරු




අමෙරිකාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති ජාලිය වික‍්‍රමසූරිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (28) අභියාචන පෙත්සමක් ගොනු කළා. ඒ, තමන් ගොනුකළ රිට් පෙත්සම විභාගයට නොගෙන ප‍්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය කළ නියෝගය අභියෝගයට ලක්කරමින්. 

නීතිපතිවරයා ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගැනීමෙන් අනතුරුව ඉකුත් මාර්තු මස 29 දා අභියාචනාධිකරණය විසින් මෙම රිට් පෙත්සම ප‍්‍රතික්ෂේප කළා. තානාපතිවරයකු වශයෙන් තමන්ට හිමි වරප‍්‍රසාද අහෝසි කරන ලෙස ශ‍්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය අමෙරිකානු බලධාරීන් වෙත නිකුත් කර ඇති ලිපියක් නීති විරෝධී බවට තීන්දු කර එය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ජාලිය වික‍්‍රමසූරිය මෙම පෙත්සමෙන් ඉල්ලා සිටිනවා. විදේශ කටයුතු අමාත්‍යවරයා , නීතිපතිවරයා ඇතුළු පිරිසක් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ.