Sunday, May 12, 2024

General line - 0115112241

කොළඹ වරාය ලෝකයේ දෙවන තැනට




කොළඹ වරාය ලෝකයේ දෙවන ඉහළම වර්ධන අනුපාතය වාර්තා කර තිබෙනවා. ඒ, ඉකුත් වසරට සාපේක්ෂව මෙම වසරේ පළමු කාර්තුවේ බහාලුම් මෙහෙයුම් 16.2% ක වර්ධනයක් පෙන්නුම් කරමින්. ඉහළම වර්ධන අනුපාතය වාර්තා කර ඇත්තේ සිංගප්පූරු වරායයි. එහි අගය 16.5% ක්. එහි තුන්වන ස්ථානය චීනයේ සියාමෙන් වරායටත්, සිවව්න ස්ථානය බෙල්ජියමේ ඇන්ට්වීප් වරායටත් හිමිව තිබෙනවා. 

ලෝකයේ වරාය වර්ගීකරණයට අනුව කොළඹ වරායට හිමිවන්නේ 23වන ස්ථානයයි. ඉකුත් වසරේදී කොළඹ වරාය බහලූ මෙහෙයුම් මිලියන 6.2ක සීමාව පසුකර ගිය බව ශි‍්‍ර ලංකා වරාය අධිකාරිය පවසනවා.