Sunday, May 12, 2024

General line - 0115112241

වැස්ස අඩුවෙද්දී කාලගුණයෙන් යළි අනතුරු ඇඟවීමක්

තරංග රුක්ෂාන් ජයසේකර




අධික වැසි තත්ත්වය ක‍්‍රමයෙන් අඩුවුවද මුහුදේ කාලගුණය අයහපත් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින හරහා සහ දිවයින වටා වන මුහුදු ප‍්‍රදේශවල සුළං තත්ත්වයේ වැඩිවීමක් තවදුරටත් අපේක්ෂා කරන බවයි මෙහිදි ප‍්‍රකාශ කෙරුණේ.

මේ අතර වැසි ආපදා හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 24ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කෙසේවෙතත් මේවනවිට ආපදා තත්ත්වය ක‍්‍රමයෙන් යහපත් වෙමින් ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ.

මේ අතර කැළණි ගඟේ ජල මට්ටම මේවනවිට සාමාන්‍ය තත්ත්වයකට පත්ව ඇති බවයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කලූ ගඟේ ද මිල්ලකන්ද ප‍්‍රදේශය හැර සෙසු ස්ථාන සාමාන්‍ය තත්ත්වයේ පවතිනවා. මිල්ලකන්ද ප‍්‍රදේශයේ පැවැති අනතුරුදායක තත්ත්වයද ක‍්‍රමයෙන් අඩුවෙමිනුයි පවතින්නේ. 

ගිං ගග පවතින්නේ සාමාන්‍ය තත්ත්වයේයි. නිල්වලා ගගේ පනාදුගම ප‍්‍රදේශයේ පැවැති අනතුරුදායක තත්ත්වය ක‍්‍රමයෙන් අඩුවෙමින් තිබෙනවා. මා ඔයද සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බවයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ. අත්තනගලූ ඔයේ දුනමලේ ප‍්‍රදේශයේ පැවැති අනතුරුදායක තත්ත්වයද අඩුවෙමින් තිබෙනවා.