Tuesday, May 14, 2024

General line - 0115112241

අගමැති උතුරට පොරොන්දුවක් දෙයි

තරංග රුක්ෂාන් ජයසේකර




උතුරු පළාත් සභාව සමග එක්ව වැඩකටයුතු කිරීමට සූදානම් බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. මහ ඇමතිවරයා සහ ආණ්ඩුකාරවරයා සමග සාකච්ඡා කරමින් එම වැඩකටයුතු ඉදිරියට ගෙන යන බවයි අග‍්‍රාමාත්‍යවරයා පවසන්නේ. යාපනයේ විසඳිය යුතු ගැටලූ අතර විශේෂිත කරුණ වන්නේ හමුදාව භාරයේ ඇති ඉඩම් නැවත ජනතාවට භාර දීමයි. යටිතල පහසුකම් දියුණු කිරිම හා යළි පදිංචි කිරීම කෙරෙහි පළමුවෙන් අවධානය යොමු කරන බවයි අග‍්‍රාමාත්‍යවරයා පවසන්නේ. ඒ කිලිනොච්චි දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේ අද පැවැති ප‍්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින්. 

එහිදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අවධාරණය කළේ ගොඩනැගිලි ඉදිකිරිම පමණක් නොව ජනතාවට ප‍්‍රයෝජනයක් ඇති වන ආකාරයේ ආර්ථික නිෂ්පාදන වැඩි කිරීමට අපේක්ෂා කරන බවයි. යුද්ධයෙන් පීඩාවට පත් තරුණ තරුණියන්ට රැකියා ලබා දිය යුතු බවද මෙහිදී අවධාරණය කෙරුණා.