Monday, May 13, 2024

General line - 0115112241

ජවිපෙ ගෙනා 20ගැන 16 කණ්ඩායමට විපක්ෂ නායක කියූ අනාවැකිය (PHOTOS/ UPDATE)

පසන් ද සිල්වා




ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම සාර්ථක නොවනු ඇතැයි විපක්ෂ නායක ආර්. සම්බන්ධන් ප‍්‍රකාශ කළ බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ දහසයේ කණ්ඩායම පවසනවා. එම කණ්ඩායමේ නියෝජිත පිරිසක් අද විපක්ෂ නායකවරයා හමුවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මේ බව කියා සිටියා. 

රටේ  ඕනෑම ගැටළුවක් සඳහා විසඳුම් දිය යුතු වන්නේ බහුතර සිංහල ජනතාවගේ ද කැමැත්ත අනුව බව විපක්ෂ නායක ආර් සම්පන්ධන් මෙහිදී ප‍්‍රකාශ කර තිබෙනවා.
------------------------------------

16 කණ්ඩායම විපක්ෂනායක හමුවෙයි

30-05-2018 13:18

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ 16යේ කණ්ඩායමේ මන්තී‍්‍රවරු පිරිසක් මේවනවිට විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා සමග සාකච්ඡාවක නිරත වනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේදීයි. මේ සඳහා 16යේ කණ්ඩායමේ මන්තී‍්‍රවරු 08 දෙනෙකු එක්ව සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

දයාසිරි ජයසේකර, ඩිලාන් පෙරේරා, සුසිල් පේ‍්‍රමජයන්ත්, එස් බි දිසානායක, ලක්ෂ්මන් යාපා, චන්දිම විරක්කොඩි, තිලංග සුමතිපාල සහ තාරානාත් බස්නායක යන මන්තී‍්‍රවරුන් මෙම සාකච්ඡාවට  එක්ව සිටිනවා. මෙම සාකච්ඡාවේදී  එම මන්තී‍්‍රවරු පළ කළ අදහස් අපගේ සවස 06:45 ප‍්‍රධාන ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයෙන් බලාපොරොත්තු වන්න.