Sunday, May 12, 2024

General line - 0115112241

වතුර  මෝටර් සොරකමේ ගිය 4ක් රිමාන්ඩ්!  සොරකම් කළ මෝටර් 4 ක් ලඟ තබාගත් පොහොට්ටුවේ මන්ත්‍රීට ඇප

උපාලි ආනන්ද 




සංවිධානාත්මකව වතුර මෝටර් සොරකම් කිරීමේ සිද්ධියක් සමිබන්ධයෙන් ඉපලෝගම පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ  සැකකරුවන් පස් දෙනෙකු ජූනි මස 5 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස  කැකිරාව දිසා විනිසුරු සහ මහේස්ත‍්‍රාත් දුලාන් වීරවර්ධණ අද නියෝග කළා.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කළේ ඉපලෝගම මච්චාගම ලිපිනයේ එම් සරත් කුමාර බණ්ඩාර, කලාකරඔෑව අක්කර 500 ලිපිනයේ ජේ ඒ  චලන කැලූම් සම්පත්, විජිතපුර පලූගස්වැව ගොවිපල අංක 17 ලිපිනයේ ජේ කසුන් සජිත දිල්ෂාන්, විජිතපුර පලූගස්වැව ගොවිපල අංක 141 ලිපිනයේ ජී කේ ඒ නදුන් චතුරංග යන සැකකරුවන්ය.

මේ අතර මෙම සැකකරුවන් සොරකම් කරන ලද බව කියන වතුර මෝටර් 4 ක් ලග තබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඉපලෝගම ප‍්‍රාදේශීය සභාවේ ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ  මන්ත‍්‍රි ඉපලෝගම මානෑව පදිංචි ප‍්‍රසාද් නිරෝෂාන් රාජකරුනා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමට ද මහේස්ත‍්‍රාත්වරයා තවදුරටත් නියෝග කරනු ලැබුවා.

තඔුත්තේගම සහකාර පොලිස් අධිකාරි විජිත ද අල්විස්ගේ උපදෙස් මත ඉපලෝගම පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක කිත්සිරි හේරත්ගේ මෙහෙයවීම මත සිද්ධිය සමිබන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පැවැත්වෙනවා.