Saturday, May 11, 2024

General line - 0115112241

සුළඟ නිසා විදුලිය බිඳවැටීම්! වර්ජනය නිසා විදුලිය දෙන්න ප්‍රමාධයි

සජිත් තිලකරත්න




පවතින දැඩි සුළං තත්ත්වය හේතුවෙන් හානියට පත්වූ විදුලි රැහැන් පද්ධති යළි යථාතත්ත්වයට පත් කිරීමට බාධා එල්ල වී තිබෙනවා. ඒ, විදුලි ඉංජිනේරුවරුන් අකුරට වැඩ කීරීමේ වෘත්තීය කී‍්‍රයාමාර්ගයක නිරත වීම හේතුවෙන්.

විදුලි බල අමාත්‍යාංශය පැවසුවේ ගස් කඩා වැටීම් හේතුවෙන් ප‍්‍රදේශ රැසක විදුලි රැහැන් පද්ධතිවලට හානි සිදුව ඇති බවයි. හැකි උපරිම ආකාරයෙන් විදුලි රැහැන් පද්ධති යළි යථාතත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බව එම අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්ෂණ ජයවර්ධන සඳහන් කළා.

ඇතිවූ තද සුළං තත්ත්වය හේතුවෙන් හක්මන, බෙලිඅත්ත, වලස්මුල්ල හා සූරියවැව යන ප‍්‍රදේශවල විදුලි සැපයුම ඊයේ රාති‍්‍රයේ (29) බිඳ වැටුනු බවයි විදුලි බල අමාත්‍යාංශය පැවසුවේ.