Sunday, May 12, 2024

General line - 0115112241

බිංගිරියේ 4ක් කපා තම දරුවා ඝාතනය කළ පුද්ගලයා දිවි නසාගෙන ඇත්තේ මුහුණ බලන්නට බැරි ලෙසින් (UPDATE)




බිංගිරිය ඉහළ කඩිගමුවේ එකම පවුලේ සාමාජිකයින් 4 දෙනකු තියුණු ආයුධවලින් කපා සියදිවි නසාගෙන ඇත්තේ මිය ගිය දරුවාගේ පියා බව පැවසෙනවා. ඔහු තම බිරිඳ, මාමා, නැන්දණිය සහ කුඩා දරුවා මෙසේ අමානුෂික ලෙස කපා කොටා තිබෙනවා. මාස 06ක් වයසැති කුඩා දරුවා මියගොස් තිබෙනවා. අනෙක් තුවාලකරුවන් තිතිගෙනා කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මෙම පුද්ගලයා මාස තුනක පමණ පෙර නිවසින් බැහැරව ජීවත්ව සිට තිබෙනවා. 

ඔහු මෙම අපරාධයෙන්පසුව නිවස ඉදිරිපිටම සියදිවි නසාගෙන තිබෙනවා. ඔහුගේ මුහුණ පෙදෙස කිසියම් පිපිරුමකින් විකෘත්ති වීගොස් ඇතැයි පොලිසිය පවසනවා.

තුවල ලබා ඇත්තේ අවුරුදු 24ක් වයසැති මරණකරුගේ බිරිඳ, අවුරුදු 42ක් වයසැති නැන්දණිය සහ අවුරුදු 62ක් වයසැති මාමාය.

--------------------------------------------------------

බිංගිරියේ එකම පවුලේ තුනක් කැපූ අයෙක් දිවි නසාගනී.

30-05-2018 15:15

බිංගිරිය ඉහළ කඩිකමුව ප්‍රදේශයේ එකම පවුලේ සාමාජිකයින් 4 දෙනකු තියුණු ආයුධ වලින් කැපූ පුද්ගලයකු සිය දිවි නසාගෙන තිබෙනවා. 

කැපුම් තුවාළ ලැබූ බිළිඳෙකු මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. පස්වරු 1.30ට පමණ මෙම අපරාධය සිදු කර තිබෙනවා.