Saturday, May 11, 2024

General line - 0115112241

ජාත්‍යන්තර අනුගාමිකයන් දහස් ගණනක් සිටින පක්ෂයේ නායකයා රෝසිට නඩු දමයි




සමාජවාදී සමානතා පක්ෂයේ නායක විජේ ඩයස් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා. ඒ, ඉකුත් පළමු වනදා සිය පක්ෂයේ මැයි දින සැමරුම සඳහා කොළඹ මහ නගර සභාව විසින් එම නගර සභා ක‍්‍රීඩාංගණය ලබා නොදීමට විරෝධය පළ කරමින්. 

තම පක්ෂයට ජාත්‍යන්තර අනුගාමිකයන් දහස් ගණනක් සිටින අතර ක‍්‍රීඩාංගණය ලබා නොදීමෙන් තම අයිතීන් උල්ලංඝණය වී ඇති බවයි පෙත්සම්කරු සිය පෙත්සමෙන් පෙන්වා දී ඇත්තේ. කොළඹ මහ නගර සභාව, නගරාධිපති රෝසි සේනානායක, වැඩබලන නාගරික කොමසාරිස් හා නීතිපති ඇතුළු පස් දෙනෙකු එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.