Sunday, May 12, 2024

General line - 0115112241

දකුණේ තවත් දරුවකු උණට බිළි!

ලලිත් චාමින්ද - ගාල්ල




වෛරස් උණ වැළඳීම හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලැබූ තවත් පිරිමි දරුවෙකු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුද්දයි මාස 07ක් පමණ වයසැති මාතර තිහගොඩ ප‍්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙකු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මාස 02කට ආසන්න කාලයක් කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි මෙම දරුවා ඊයේ (29) රාත‍්‍රියේ මියගොස් ඇති බවද නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා. 

මෙම මාසයේ 01 දා සිට 29දා දක්වා දරුවන් 12 දෙනකු මෙසේ මියගොස් තිබෙනවා.