Saturday, May 11, 2024

General line - 0115112241

SAITM සිසුන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය බාදාවක් නැහැ - අභියාචනාධිකරණයේ තීන්දුව ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ලඟදීම




සයිටම් ආයතනයේ වෛදය උපාධිය සම්පූර්ණ කරන සිසුන්ට ශ්‍රී ලංකා වෛදය සභාවේ ලියාපදිංචි වීමට කිසිදු බාදාවක් නොමැති බවට අභියාචනාධිකරණය ලබා දී ඇති තීන්දුව අත් හිටුවන ලෙසට ඉල්ලා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගොනු කළ අභියාචන පෙත්සම සම්බන්ධයෙන් තීන්දුව ඉදිරි දිනකදී ප්‍රකාශයට පත් කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද නිවේදනය කළා ග

ඒ අනුව මෙම අභියාචන පෙත්සම තීන්දුවට තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද තීරණය කළා. 

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින අභියාචන පෙත්සම සඳහා මැදිහත් විමට ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර දිනක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අවසර ලබා දුන්නා. පසුගිය වසරේ ජනවාරි මස 31 දා අභියාචනාධිකරණය නිකුත් කළ නියෝගය ක්‍රියාත්මක වීම වළකාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත්කරන ලෙසට ඉල්ලා ලෙසට ඉල්ලා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචන පෙත්සමක් ගොනු කළා.

එම අභියාචනාධිකරණ නඩු තීන්දුව මගින් පෙත්සම්කාර ශිෂ්‍යයාව ලියාපදිංචි කිරීමට කර ඇති නියෝගය ඉවත දමන ලෙසට ද මෙම අභියාචන පෙත්සමෙන් ඉල්ලා සිටිනවා.

මෙම පෙත්සමින් මාලබේ  සයිටම් පුද්ගලික  වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන දිල්මි සූරියආරච්චි නැමැති ශිෂ්‍යයාව, සයිටම් ආයතනයල උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු පාර්ශව හයක් වගඋත්තරකරුවන් ලෙසට නම් කොට ඇත.