Sunday, May 12, 2024

General line - 0115112241

ජනපතිගේ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වීමට පෙර ඒකාබද්ධ විපක්ෂය විශේෂ සාකච්ඡාවක

හේමන්ත කහවලගේ /දිල්ශාන් තුෂාර




ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් මේ වනවිට පැවැත්වෙනවා.

ඒ, කොළඹ විජයරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදීයි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (31) කළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශ සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේදැයි මෙහිදී සාකච්ඡා කෙරෙන බව දේශපාලන ආරංචි කියා සිටියා.  

මේ අතර තමන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඒකාබද්ධ විපක්ෂය ඊයේ ගත් තීරණය සතුටින් භාරගන්නා බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16දෙනාගේ කණ්ඩායම පවසනවා.

එම කණ්ඩායමේ සාමාජිකයෙකු වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මේ බව සඳහන් කළා. 

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ කළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශ සම්බන්ධයෙන් ද නෙත් නිවුස් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්නගෙන් මෙහිදී විමසා සිටියා. එය සිය කණ්ඩායමට බල නොපාන බවයි ඔහු පැවසුවේ. සිය කණ්ඩායමේ පැවැත්ම තිබෙන්නේ දින 100න් පසුව බවද සඳහන් කළා.