බැඳුම්කර සිද්ධියේ තොරතුරු සැඟවීමේ උත්සාහයක් ඇත්නම් එය පිටුපස සිටිය යුත්තේ එක්සත් ජාතික පක්ෂය බව පාර්ලිමේන්තු මන්ත්රී එස් බී දිසානායක පවසනවා. නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී මන්ත්රීවරයා මෙම අදහස් පළ කළා.
"බැඳුම්කර සිද්ධියට සම්බන්ධ මුදල් ගෙවල් වාහන ලබාගත් අයගේ නම් ජනාධිපති කොමිෂන් වාර්තාවේ සඳහන්ව තියෙනවා කියල තමයි අපි දැනගෙන හිටියේ. ඒ නිසා තමයි අපේ මන්ත්රීවරු ගිහින් ඒකේ පිටපතක් ඉල්ලුවේ. නෙත් එෆ්.එම් එක කියනකම් මම දැනගෙන හිටියේ නැහැ ඒක දෙන්න බැහැ කියනවා, දෙන්න බැරි නීතියක් තියෙනවා කියන එක. ඒත් මගේ දැනුමේ හැටියට එහෙම වෙන්න බැහැ. අනෙක දැන් තොරතුරු දැන ගැනීමෙන් පවා ඒ සඳහා ඉඩ ප්රස්ථාව තියෙනවා. ඕක හංගන්න ඕනකමක් තියෙනවනම් අගමැති තුමාටයි එක්සත් ජාතික පක්ෂයටයි තමයි"