Monday, May 13, 2024

General line - 0115112241

කොස්ගම මිණිබිරිය සහ මිත්තණිය කපා කොට මරා දමලා




කොස්ගම, වැරැල්ල මණ්ඩිය ප‍්‍රදේශයේදී අද ද්විත්ව ඝාතනයක් සිදුව තිබෙනවා. වයස අවුරුදු 34 ක් වූ කාන්තාවක් සහ ඇගේ වයස අවුරුදු 78 ක් වූ මිත්තණිය මෙලෙස ඝාතනය කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

ඔවුන්ගේ ඥාතියෙකු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවද පොලීසිය සදහන් කළා. සැකකරු මේ වනවිට ප‍්‍රදේශයෙන් පලාගොස් තිබෙනවා. මුදල් ආරවුලක් මත මෙම ඝාතන සිදුව ඇති බවයි අනාවරණ වී ඇත්තේ. කොස්ගම පොලීසිය මගින් වැඩිදුර විමර්ශන කි‍්‍රයාත්මකයි.