Sunday, May 12, 2024

General line - 0115112241

රොජර් සෙනෙවිරත්න ජාතික නිදහස් පෙරමුණෙන් ඉවත් වෙයි

සමන්ත කුමාර / නිෂාන් ද සිල්වා




බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර රොජර් සෙනෙවිරත්න ජාතික නිදහස් පෙරමුණෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ, එම පක්ෂ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් විරවංශ වෙත ලිපියක් යොමු කරමින්. 

පෞද්ගලික හේතූන් මත තමන් ජාතික නිදහස් පෙරමුණෙන් ඉල්ලා අස්වන බවයි බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර රොජර් සෙනෙවිරත්න එම ලිපියේ දක්වා ඇත්තේ. පක්ෂයෙන් ඉවත් වීමට බලපෑ කරුණු ඇතුළත් විස්තරාත්මක ලිපියක් පසුව පක්ෂ නායකත්වය වෙත යොමු කරන බවද එම ලිපියේ සඳහන්. 

මීට පෙර අවස්ථා කිහිපයකදී ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කළ ජ්‍යෙෂ්ඨයින් කිහිපදෙනෙකු ඉන් ඉවත් වුණා. එම තත්ත්වයන් පිළිබඳ බස්නාහිර පළාත් සභා මන්ති‍්‍ර රොජර් සෙනෙවිරත්න කණස්සල්ලෙන් සිට ඇති බවයි දේශපාලන ආරංචි අනාවරණ කළේ.