Monday, May 13, 2024

General line - 0115112241

බැඳුම්කර සිද්ධියේ නිශ්චිත ලිපිගොනු 13ක් ප‍්‍රසිද්ධ කරන්නැයි ඉල්ලීමක්

සමන්ත කුමාර




ප‍්‍රශ්ණත බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ නිශ්චිත ඇමුණුම් 13ක්  ලබා දෙන ලෙස කැෆේ සංවිධානය අද (02) කථානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර තිබෙනවා. 

එහි විධායක අධ්‍යක්‍ෂ කීර්ති තෙන්නකෝන් පැවසුවේ තොරතුරු දැන ගැනීමේ අයිතිය යටතේ මෙම නිශ්චිත ලේඛණවල තොරතුරු ඉල්ලා සිටි බවයි. ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු ඊයේ (01)  ප‍්‍රකාශ කළේ කොමිසම මගින් විමර්ශනයට ලක් කළ ලිපි ගොනු අතිවිශාල ප‍්‍රමාණයක් පවතින බැවින් නිශ්චිතව යම් තොරතුරක් ඉල්ලා සිටින්නේ නම් එය ලබා දීම පහසු වන බවයි. එම ප‍්‍රකාශය සැලකිල්ලට ගනිමින් තමන් මෙම ඉල්ලීම ඉදිරිපත් කළ බවයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ කීර්ති තෙන්නකෝන් වැඩිදුරටත් කියා සිටියේ.