Sunday, May 5, 2024

General line - 0115112241

"වෙනස අද සිදුවෙන බවට දන්වා තිබෙනවා"

ලහිරු කපුගේ




ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ තනතුරු දරන්නන්ගේ වෙනසක් අද (03) සිදුවනු ඇතැයි 16යේ කණ්ඩායම පවසනවා.

එම කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්තී‍්‍ර චන්දිම වීරක්කොඩි සඳහන් කළේ ශ්‍රිලනිපයේ අනාගත ප්‍රතිසංවිධාන කටයුතු සහ පක්ෂයේ නිල මණ්ඩලයේ ප්‍රතිසංවිධානයක් සිදු වීමට නියමිත බව දන්වා ඇති බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව, විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාවේ රැස්වීම අද පෙරවරු 9.30ට බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී පැවැත්වෙනවා.

එක්සත් ජාතික පක්ෂ විරෝධී ආණ්ඩුවක් සඳහා 16යේ කණ්ඩායම තවදුරටත් විවිධ පාර්ශ්ව සමග සාකච්ඡා කරමින් පුළුල් සන්ධානයක් වෙනුවෙන් කටයුතු කරන බවද චන්දිම වීරක්කොඩි මන්තී‍්‍රවරයා මෙහිදී කියා සිටියා.

ජනතාව දැනුවත් කරන සිය සම්මන්ත‍්‍රණ මාලාවේ මීලඟ සම්මන්ත‍්‍රණය මාතලේදී පවත්වන බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර චන්දිම වීරක්කොඩි මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.