Tuesday, May 14, 2024

General line - 0115112241

ශ්‍රීලනිපයේ නව තනතුරුවලදී මහින්දටත් ඉඩක් (UPDATE)

දිල්ශාන් තුෂාර




ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තාවකාලික ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරු ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත්, ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා පත් කර ගෙන තිබෙනවා.

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා හිටපු අග්‍රමාත්‍ය දී.මූ.ජයරත්න යන අය පක්ෂයේ අනුශාසකවරුන් ලෙස පත් කිරීමටයි තීරණය වී ඇත්තේ.

--------------------------------

ශ්‍රීලනිපයේ භාණ්ඩාගාරිකත් තාවකාලිකව පත් කෙරෙයි (UPDATE)

(03-06-2018 12:35)

 

අද (03) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිලධාරී ප්‍රතිසංවිධාන කටයුතුවල තවත් නව පත් කිරීමක් සිදුව තිබෙනවා.

ඒ අනුව ශ්‍රීලනිප 16 දෙනාගේ කණ්ඩායමේ හිටපු අමාත්‍ය එස්. බී. දිසානායක පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස තාවකාලිකව පත්කරගෙන තිබෙනවා.

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව, විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාවේ රැස්වීම මෙලෙස පැවැත්වෙනවා.

 

---------------------------

ශ්‍රීලනිපයේ නව තනතුරු දෙකක් නම් කරයි (UPDATE)

(03-06-2018 12:00)

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධූරයට තාවකාලිකව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පත්කර තිබෙනවා.

නව ජාතික සංවිධායක ලෙස අමාත්‍ය දුමින්ද දිසානායක පත් කර ඇති බවත් සඳහන්. 

---------------------------------

ශ්‍රීලනිපයේ තීරණාත්මක සාකච්ඡාවට ජනපති පැමිණෙයි (VIDEO)

(03-06-2018 10:50)

 

ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ තනතුරු දරන්නන්ගේ වෙනසක් සිදු වෙන සාකච්ඡාව මීට සුළු වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පැමිණීමත් සමග ආරම්භ වුණා.

ශ්‍රිලනිපයේ අනාගත ප්‍රතිසංවිධාන කටයුතු සහ පක්ෂයේ නිල මණ්ඩලයේ ප්‍රතිසංවිධානයක් අද (03) දින සිදු වීමට නියමිත බවයි වාර්තා වුණේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව, විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාවේ රැස්වීම මෙලෙස පැවැත්වෙනවා.

මේ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මේ වන විට විජිත් විජයමුණි සොයිසා, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, මහින්ද සමරසිංහ, ශාන්ත බණ්ඩාර, සරත් අමුණුගම, දි.මු ජයරත්න පැමිණ සිටිනවා.

16යේ කණ්ඩායම නියෝජනය කරමින් ලක්ෂ්මන් යාපා අබේවර්ධන, දයාසිරි ජයසේකර, තිලංග සුමතිපාල, අනුරාධ ජයරත්න, ජෝන් සෙනෙවිරත්න, ටී.බී ඒකනායක, සුදර්ශණි ප්‍රනාන්දු පුල්ලේ, ඩිලාන් පෙරේරා යන පිරිස් එක්ව සිටිනවා.

අප වාර්තාකරු සඳහන් කළේ සුසිල් ප්‍රේමජයන්ත් සහ අනුර ප්‍රියදර්ශන යාපා මෙතෙක් මෙම සාකච්ඡාව සඳහා එක්වුයේ දැයි දැක ගැනීමට නොහැකි වූ බවයි.

(ජනපති පැමිණි අවස්ථාවේ වීඩියෝව පහතින් දැක්වෙයි)