Tuesday, May 14, 2024

General line - 0115112241

නායයාමේ අධි අවධානමකට ලක්ව සිටින පවුල් වෙත විකල්ප ස්ථාන

ලහිරු කපුගේ




නායයාමේ අධි අවදානමකට ලක්ව සිටින පවුල් 6,000 කට වැඩි ප‍්‍රමාණයක් සඳහා විකල්ප ස්ථාන ලබා දීමට තීරණය කර තිබෙනවා.

මේ වනවිටත් එම කටයුතු ආරම්භ කර තිබෙන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ.

එහි ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය ගාමිණි ජයතිස්ස මේ බව සඳහන් කරනවා.

විකල්ප ස්ථාන ලබා දීමට හඳුනාගෙන ඇති නායයාමේ අධි අවදානමකට ලක්ව සිටින පවුල් අතරින් වැඩිම පිරිසක් මේවනවිට ජීවත් වන්නේ රත්නපුර දිස්ති‍්‍රක්කයේයි. කොළඹ සහ ගම්පහ යන දිස්ති‍්‍රක්කවලද එලෙස නායයාමේ අධි අවදානමකට ලක්ව සිටින පවුල් හඳුනාගෙන තිබෙනවා.