Tuesday, May 14, 2024

General line - 0115112241

දේශපාලඥයින් මුදල් ලබා ගැනීම සහ වියදම් කිරීම ගැන පැෆරල් සංවිධානය පැහැදිළි කරයි

ලහිරු කපුගේ




මැතිවරණ සඳහා අපේක්ෂකයන්ට වියදම් කළ හැකි උපරිම මුදල් සීමාවක් දක්වමින් නීති පැනවීමේ අවශ්‍යතාව නැවත අවධාරණය කෙරෙනවා.

පැෆරල් සංවිධානය පැවසුවේ පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් ඇතැම් දේශපාලඥයින්ට මුදල් ලබා දී ඇතැයි කියන සිද්ධියෙන්ද මෙම අවශ්‍යතාව තහවුරු වන බවයි.  

එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මේ බව පෙන්වා දෙනවා.

දේශපාලඥයින්ට මැතිවරණ කටයුතු සඳහා මුදල් ලබා ගත හැකි පුද්ගලයින් හා ආයතන සම්බන්ධයෙන්ද සීමා පැනවිය යුතු බවයි මෙහිදි අවධාරණය කෙරුණේ.

ඉකුත් පළාත් පාලන මැතිවරණයේදීද ඇතැම් දේශපාඥයින් අනවශ්‍ය තරම් වැඩි මුදලක් වියදම් කර ඇතැයි පැෆරල් සංවිධානය පැවසුවා. එවැන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටද දැනටමත් කටයුතු කර තිබෙන බවයි රෝහණ හෙට්ටිආරච්චි කියා සිටියේ.