Tuesday, May 14, 2024

General line - 0115112241

දඹුල්ල නව රෝහලට දඹුලූ විහාරයෙන් ඉඩමක්




දඹුල්ල නව රෝහල ඉදිකිරීම සඳහා රංගිරි දඹුලූ රජමහා විහාරස්ථානයට අයත් ඉඩමක් පරිත්‍යාග කිරීමට රංගිරි දඹුලූ රජමහා විහාරයේ භාරකාර මාතලේ මහ දිසාවේ උප ප‍්‍රධාන සංඝනායක අතිපූජ්‍ය අඹගස්වැව සිරි රාහුල හිමියන් පොරොන්දු වි තිබෙනවා. 

ඒ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, නාහිමියන් හමුවී මේ පිළිබඳ සාකච්ඡා කිරිමෙන් අනතුරුවයි. ප‍්‍රංශ රජයේ ආධාර යටතේ රුපියල් මිලියන 7,000ක මුදලක් වැය කර නව රෝහල ඉදිරිකිරීමට නියමිතව තිබෙනවා. දඹුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ පවතින තදබදය හා එහි ඉඩ කඩ ප‍්‍රමාණවත් නොවීම හමුවේයි මෙම නව රෝහළ ඉදිකිරිමට තීරණය කර ඇත්තේ.