Monday, May 13, 2024

General line - 0115112241

පොතුවිල් ප‍්‍රදේශයෙන් මුහුදු ගොස් අතුරුදන්වූ ධීවරයින් සොයා මෙහෙයුම්

සමන් චන්ද්‍රතිලක - උහන




පොතුවිල් උල්ල ප‍්‍රදේශයෙන් මුහුදු ගොස් අතුරුදන්වූ ධීවරයින් තිදෙනා සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කරනවා. ඔවුන් එක්දින යාත‍්‍රාවකින් ධීවර කටයුතු සඳහා ඊයේ (02) පිටත්ව ගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

මේ දක්වා ඔවුන් යළි නොපැමිණීම හේතුවෙන් ඔවුන්ගේ ඥාතීන් ඒ පිළිබඳ පොතුවිල් පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව ඔලූවිල් පානම නාවික හමුදා කඳවුරේ නිලධාරීන් සහ පොතුවිල් පොලිසිය අදාළ ධීවරයින් සොයා විමර්ශන ආරම්භ කර තිබෙනවා.