Wednesday, May 15, 2024

General line - 0115112241

දකුණේ උණට ප්‍රධානම හේතුව මෙන්න

පසන් වික්‍රමතිලක




දකුණු පළාතේ් පැතිර යන උණ රෝගයට හේතුව කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් සිදු කෙරුණු පර්යේෂණවලින් තහවුරු කර ගෙන තිබෙනවා. එහි වෛරස පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ කොළඹ අද (04) පැවත්වූ මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳ කරුණු දැක්වුවා. 

"කරාපිටියෙන් ළමුන් 158ක සෙම් සාම්පල් ලැබුණා. ඉන්ෆ්ලුවන්සා ඒ තමයි ප්‍රධාන වශයෙන් දක්නට ලැබුණේ."

මෙවැනි වෛරස ආසාධනයකදී ලබා දිය හැකි බව පැවසෙන එන්නතක් මෙම රෝගය පාලනය කිරීම සඳහා මෙතෙක් භාවිත නොකිරීම සම්බන්ධයෙන් ද මෙහිදී ප‍්‍රශ්ණ කෙරුණා. ඊට පිළිතුරු ලබා දුන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහයි.

"මේ දක්වා ඒ එන්නත පාවිච්චි කරල නැතුව තිබියදී මේ වගේ වැඩි වශයෙන් පැතිරුණ වෙලාවක විද්‍යාත්මක නැහැ. කමිටුවක් පත්කරල කමිටුවක් පත්කරල සුදුසු මොන පිරිසකටද මේක මුලින්ම දේනනේ කියල විද්‍යාතමකව තහවුරු කරගෙනයි තීරණයක් ගන්න ඕන"

රෝගය පාලනය කිරීම සඳහා අවශ්‍ය සෙසු ඖෂධ හිගයකින් තොරව රෝහල් වෙත සපයා ඇතැයිද මෙම මාධ්‍ය හමුවේදී නැවත අවධාරණය කෙරුණා.