Tuesday, May 14, 2024

General line - 0115112241

ලිපි සහ විදේශයන්ගෙන් ලැබුණු පාර්සල් ගොඩ ගැසේ

පසන් වික්‍රමතිලක




සිය වැඩවර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ සහ රට පුරා තැපැල් කාර්යාලවල සේවා මේ වනවිටත් බිඳ වැටි ඇතැයි තැපැල් වෘත්තීය සමිති පවසනවා.

මධ්‍යම තැපැල් හුවමාරුවේ ලිපි සහ විදේශයන්ගෙන් ලැබුණු පාර්සල් ගොඩගැසීමටද පටන් ගෙන ඇති බවයි ඔවුන් කියා සිටියේ. 

ලංකා තැපැල් සේවා සංගමයේ සභාපති ජගත් මහින්ද මේ බව සඳහන් කළා.                    

මේ අතර සේවක වැඩවර්ජනය හේතුවෙන් තැපැල් සේවාවලට කිසියම් බාධාවක් සිදුව ඇතැයි විෂයභාර අමාත්‍ය එම්. එච්. ඒ. හලීම් නෙත් නිවුස් වෙත ඊයේ කියා සිටියා. සේවකයන්ගේ ඉල්ලීම් ද අසාධාරණ නොවන බවයි ඔහු පැවසුවේ. ඒ අනුව කඩිනමින් ඊට විසඳුම් ලබා දෙන බවද අමාත්‍යවරයා කියා සිටියා.