Tuesday, May 14, 2024

General line - 0115112241

බැඳුම්කර සිද්ධියේ මෙතෙක් හෙළි නොකළ වාර්තාත් ලැබුණු පසු සියල්ල පාර්ලිමේන්තුවට - කතානායක (UPDATE)

සජිත් තිලකරත්න




බැඳුම්කර සිද්ධියේ මෙතෙක් හෙළි නොකළ ඉතිරි වාර්තාත් ලැබුණු පසු ඒ සියල්ල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. අදාළ ලේඛණවලින් කිහිපයක් පමණක් අද (05) දිනයේ තමන් වෙත ලැබුණු බවයි අද පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කෙරුණු අවස්ථාවේදී කතානායකවරයා කියා සිටියේ.

කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂ මන්තී‍්‍රවරුන්ගෙන් ඊට විරෝධයක් එල්ල වූ බවයි නෙත් නිවුස් පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේ.  

----------------------------------------

මහ බැංකු බැඳුම්කර වාර්තාවේ අඩු පිටු ලැබෙයි

05-06-2018 10:59

මහ බැංකු බැදුම්කර සිද්ධිය පිළිබද විශේෂ ජනාධිපති කොමිසන් සභා වාර්ථාවේ මෙතෙත්  පාර්ලිමේන්තුව වෙත ලැබී නොතිබුණු  සී /350 සිට  සී/ 360 දක්වා කොටස් මීට ස්වල්ප මොහොතකට පෙර පාර්ලිමේන්තුව වෙත ලැබී තිබෙනවා.

ජනාධිපති කාර්යාල නිළධාරීන් විසින් පාර්ලිමේන්තුවේ දී මෙම කොටස් කතානායක කරූ ජයසූරිය මහතා අතට බාර දී තිබෙනවා.