Wednesday, May 15, 2024

General line - 0115112241

නව මහලේකම්ගේ ආරාධනයට තිස්සගෙන් පිළිතුරු

කසුන් කැළුම්/ පසන් වික්‍රමතිලක




පක්ෂය හැර ගිය සාමාජිකයින් යළි ගෙන්වා ගැනීමට එක්සත් ජාතික පක්ෂයට නිසි ක‍්‍රමවේදයක් නොමැති බව එහි හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක පවසනවා.

වත්මන් මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පක්ෂය හැර ගිය සියලූ දෙනාට යළි එක්වන ලෙස ඉකුත්දා විවෘත ආරාධනයක් සිදු කළා.

තිස්ස අත්තනායක ඊට දැක්වූයේ මෙවන් ප‍්‍රතිචාරයක්.

"ආරාධනාවට ස්තූතියි. නමුත් පක්ෂ සාමාජිකයන්ගේ බිඳ වැටුණු විශ්වාසය යළි ගොඩනැංවෙන වැඩපිළිවෙලක් තවමත් දකින්න නෑ. එහෙම තියෙද්දී ආරාධනා කරලා වැඩක් නෑ"

දැනෙන වෙනසක් ඇති නොකර එක්සත් ජාතික පක්ෂය ගොඩනැගිය නොහැකි බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.